වික්‍රමසිංහගේ පරාජයේ ගිනස් වාර්තාව

  👤  3509 readers have read this article !
By mawbima 2018-04-23

20 වැනි සියවස ආරම්භ වන විට දේශපාලන ලෝකයේ පරාජයේ අමිහිරි සේයා 16 වතාවක් අත්විඳ 17 වැනි වතාවේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලද්දෙකි ඇමෙරිකාවේ මෙතෙක් පහළ වූ ජනාධිපතිවරුන් අතර අවිවාදයෙන් පිළිගන්නා ශේ්‍රෂ්ඨතම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. ඔහු පරාජය තුළින් නොසැලී ජය ලැබූවෙකි. එහෙත් පරාජය ආශීර්වාදයක් සේ සලකා නැවත නැවතත් පරාජයම ලබන්නට පරාජයේ සතුට සිය අනුගාමිකයන් සමඟ දිගින් දිගටම සමරන්නට සූදානම්ව සිටින්නකු අප රටේද සිටී. මොහුට පරාජය දැවැන්ත සතුටකි.

ජයග්‍රහණයට කැමැතිම නැත. හැමවෙලේම කැමැත්ත අනුන්ගේ පහනෙන් එළිය ලබන්නටය. 21 වැනි සියවසේ 30 වතාවක් පැරැදුණු දේශපාලනඥයා ලෙස මේ වන විට ඒබ්‍රහම් ලින්කන්වද අභිභවා මොහු ගිනස් වාර්තා පොතටද එක්වී ඇති බව ඒකාන්තය. ඒ වෙන කිසිවකු නොව රනිල් වික්‍රමසිංහ මහතාය.


පරාජය මැඬගෙන ජය ලබන්නට නම් පරාජයට අතවනා වැලඳගන්නා මිනිසුන් තනිකර ජය ලබන්නට දිරියෙන් පෙරට යන මිනිසුන් සමඟ යූ.එන්.පී.ය එක්විය යුතුය. නැත්නම් ගොඩ ඒමක් නැත.


වජිර, කාවින්ද, හේෂා, හැරිසන්, බන්දුලාල්, කිරිඇල්ල කුමන තර්ක දැක්වූවද දැන් වැඩක් නැත. ඔවුන් එසේ කියන්නේ වික්‍රමසිංහගේ හිත සනසන්නටය. 30 වතාවක්ම පැරැදුණු කෙනාට 31 වැනි වතාවේත් දිනුම උගහටය. මන්ද, මේ ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා නොවන හෙයිනි.


ආර්.පී. ලාල් ධර්මසිරි
විශ්‍රාමික විදුහල්පති
සුදුහුම්පොළ ,මහනුවර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon