ජාතීන් මරා ගෙන යන යුගයක් ඉදිරියටම යයිද?

  👤  3394 readers have read this article !
By mawbima 2018-04-23

වර්තමාන තත්ත්වයට අනුව දේශයට උචිත පාලනයක් ශ්‍රී ලංකාවේ මේ වන විට නැත. අද වන විට ලංකාව තුළ කෝලහල, මත්ද්‍රව්‍ය අලෙවිය, දූෂණ සිද්ධීන්, පිස්තෝල කල්ලි, කේ.ජී. - ගංජා, මැර පාලනය, පිස්සු නටන්නන්ට උඩ ගෙඩි දෙන චණ්ඩි, භික්ෂු වහන්සේ, නිදාගෙන සිටින කතෝලික පියතුමන්ලා,අස්ථාවර දේශපාලකයෝ, ජනතාව මරා ගෙන කන පොලිස් කප්පන් නිලධාරීන්, සෑම දේටම වීදි බසින වෘත්තීය සමිතිකාරයන්ගෙන් පිරිහුණු දේශයක් වී ඇත. විනය අන්තයටම පිරිහී ඇති ආසියාවේ සුන්දරතම රට ශ්‍රී ලංකාවය.


තවද නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන හා දේශපාලන සැකකරුවන් පසුගිය අවුරුදු 3 තුළ අත්අඩංගුවට අරගෙන නැති නඩු හබ කල්යෑම තුළ මැරයන්ගේ ක්‍රියාකාරිත්වය ඉතා ඉහළ නඟිමින් පවතී.


ආණ්ඩුවට විනයක් වන ආකාරයේ ඇමැතිවරු ඉවත් කරන්නට ජනපතිට හා අගමැතිට මේ වන විටත් නොහැකිය. ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව කුණු කූඩයට දමන ඩිලාන්, සුසිල්, ඉසුරු, දයාසිරි, ලක්ෂ්මන් යන අයගේ පාපයන් තවම ආණ්ඩුව තුළ දක්නට ලැබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විනය ක්‍රියාමාර්ග ගැනීමට තවමත් හයියක් නොමැත. පටු දේශපාලනමය වාසි ගන්නට උත්සාහ කරන මෝඩ මිනිසුන් දියවන්නාවට යැවීමේ පාපය අද ජනතාවට දැනෙමින් පවතී.


ජෙනෝ සිල්වා,වත්තල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon