ලංකාව සැබෑ මිනිසුන් වාසය කරන දහම් දිවයිනක් කිරීමට නම්...

  👤  3227 readers have read this article !
By mawbima 2018-04-23

වසර 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රමය එක දිගට වසර 40ක් තිස්සේ පවත්වාගෙන යෑම නිසා එතනෝල් හෙරොයින් මත්කුඩු කන්ටේනර් පිටින් රට තුළ ව්‍යාප්ත කොට පාසල් දරුවන් පවා මත් රකුසාට ගොදුරු කරවමින් සිටියි. වත්මන් පාලකයන්ද නින්දෙන් අවදි වූවාක් මෙන් රැස්වීම් තබා දිනකට දුම්වැටි සහ මත් වතුර රත්නපුරේ ජනතාව පමණක් දහතුන් කෝටියක පාවිච්චි කරන බවත්, එය රත්නපුර දිස්ත්‍රික්කයේ මසකට කෝටි 390ක් බවත් පවසා මත් රකුසාගෙන් රටේ ජනතාව මුදා ගැනීම සඳහා බීමත්කමින් වළකින්නැයි බේබද්දන්ට ආයාචනා කරති.

එහෙත් කාලාන්තරයක් තිස්සේ දිගින් දිගටම මතට ඇබ්බැහි වූ පුද්ගලයන් මත් උවදුරෙන් බේරා ගැනීමට එසේ කරමින් කිසිදාක නොලැබෙනු ඇත. ඒ සඳහා මහජන චීනයේ සමාජවාදී නායක මාවෝ සේතුං ජනාධිපතිතුමන් කළාක් මෙන් අපෙ රටේද දුම්වැටි, මත්පැන්වලින් ජනතාව වැළැක්වීම සඳහා එක දිගටම නොනවතින මහා මත්පැන් යුද්ධයක් බේබද්දන් සමඟ කළ යුතුව ඇති බව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්, තේරුම්ගත යුතුය. එසේ තේරුම් ගෙන අඳුරේ අතපත නොගා පහත සඳහන් වැඩපිළිවෙළ රජය මඟින් රට තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පමණක් අපගේ තිරිසන් අපාය සැබෑ මිනිසුන් වාසය කරන දහම් දිවයිනක් කිරීමට හැකිවේ යැයි මම විශ්වාස කරමි.


වහාම ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම් වැටි භාවිතය නිෂ්පාදනය සහ අලෙවිය රජය මඟින් තහනම් කළ යුතුය. එසේ කළ විට මතට ඇබ්බැහි වූ පුද්ගලයන් ඇළේ ‍ෙදාළේ වත්තේ පිටියේ ගෙයි මුල්ලේ හොර සුරා නිෂ්පාදනය කරමින් බීම සහ අලෙවි කිරීමට ආරම්භ කරති.


වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සුරා සූදුවෙන් තොර යහපත් ආරක්ෂක බළඇණියක් රජය මඟින් ස්ථාපිත කළ යුතුය. ඉහත කී බළඇණිය මඟින් බේබද්දන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරවා අධිකරණය මඟින් අධික ලෙස ඔවුන්ට දඩ ගැසිය යුතුය. එකී දඩමුදල් ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන් සිරගත කොට රජයේ ගොඩනැඟිලි පාලම්, බෝක්කු, පාරවල්, සෑදීමට සහ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනයට ඔවුන්ව යොදා ගත යුතුය. එසේ කරමින් රජය මඟින් ඔවුන්ට මාසික වේතනයක් ලබාදී එකී මුදලින් ඔවුන්ගේ නඩත්තුවට මුදල් කපා ගෙන ඉතිරි මුදල් ගණනය කොට බේබද්දන් විසින් ජාතක කරන ලද දූදරුවන්ගේ නඩත්තු සඳහා ඔවුන්ගේ මෑණිවරුන්ට එකී මුදල් මාස්පතා රජය මඟින් ගෙවිය යුතුය.


ඉහත සඳහන් කරුණු වචනයට පමණක් සීමා නොකොට වසර තුනක් තිස්සේ මහජන මුදල් බිලියන ටි්‍රලියන ගණනින් හොරා කෑ සොරුන් ඇල්ලුවා සේ බොරු නොකොට මා ඉදිරිපත් කරන ඉහත සඳහන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවන මෙන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගුණසේකර මිටිපොළ ,පදවි ශ්‍රී පුර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon