පැරැණි ආරවුලකට තිදරු පියකුට පිහියෙන් ඇනලා

  👤  3338 readers have read this article !
By mawbima 2018-04-23

ඡායාරූප : තෙල්දෙණිය - කේ. නිශ්ශංක


පැරැණි ආරවුලක් මුල් කරගෙන දිගන කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුට පිහියකින් ඇනීමෙන් එම පුද්ගලයා බරපතළ ලෙස තුවාල ලබා තෙල්දෙණිය දිසා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත්දා (20දා) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිගන කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් මුජිල් අක්‍රම් නමැති තිස්පස් වයසැති තිදරු පියෙකි.


මේ පිළිබඳව තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ආර්. එම්. සමන් රත්නායක මහතා 21 වැනිදා පෙරවරුවේදී කුඹුක්කදුර එම සිද්ධිය වූ ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා තෙල්දෙණිය දිසා මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබුණ එම මළ සිරුර පිළිබඳවද මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විය. පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත්, මේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් තෙල්දෙණිය පොලිසියට නියෝග කළේය.


මියගිය පුද්ගලයා ඇති කරන ගවයකු තවත් පුද්ගලයකුගේ කුඩා ළමයකුට ඇනීමේ සිද්ධියක් මුල්කරගෙන මේ ගැටුම ඇතිව තිබේ.


සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්. රණවීර මහතා හා උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon