ලිංගික හිංසන සිදුකළ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා

  👤  3506 readers have read this article !
By mawbima 2018-04-23

උදයන්ති මුණසිංහ


මිරිස්ස සිදුවීමට අදාළව දේශපාලන ආධාරකරුවන් නොව වෙනත් කුමන ආධාරකරුවකු සිටියද වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන හැකි ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.


පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික හා ශාරීරික හිංසන සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු බලපෑමකට යටත් නොවී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් දැනටමත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දාහතර දෙනකු (14) අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සංචාරක පොලිසිය ශක්තිමත් කරන බවත් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ස්ථාන 20ක සංචාරක මුරපොළවල් ආරම්භ කිරීමට දැනටමත් රජය විසින් රුපියල් මිලියන 30ක් වෙන් කර තිබෙන බවත් සංචාරකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බැලීමට මෙහිදී සංචාරක පොලිසිය විශේෂයෙන්ම කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon