රත්රන් තොගයක් ඉන්දියාවට හොරෙන් ගෙන යන්න හැදූ යුවළක් රේගු දැලේ

  👤  3237 readers have read this article !
By mawbima 2018-04-23

කටුනායක - ගයා තිරිමාදුර


රත්රන් තොගයක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (22දා) අලුයම එහි ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.


කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික යුවළක් ඊයේ අලුයම 5.45ට පමණ ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයාවේස් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.


ඔවුන් විසින් රැගෙන එනු ලැබූ සිය අත්බෑග්, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ස්කෑන් පරීක්ෂාවට ලක් කරද්දී, ඒ තුළ කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 355ක් බර රත්රන් කැබලි තොගයක් සඟවා තිබියදී එම නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.


වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම ව්‍යාපාරික යුවළ සහ රත්රන් තොගය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබිණි.
එම රත්රන් තොගයේ මුළු වටිනාකම රුපියල් 91,13,850ක් බව රේගුව ප්‍රකාශ කරයි.


මොවුන් දෙදෙනා සහ රත්රන් තොගය අත්අඩංගුවේ තබාගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon