මිරිස්ස වෙරළේ කඩ ඉවත් කිරීම ගැන ඇමැති ෆයිසර්ගේ විරෝධය

  👤  3418 readers have read this article !
By mawbima 2018-04-23

රෝහණ බමුණුආරච්චි


පොඩි මිනිසාගේ බඩට ගැසීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවීම නිසා මිරිස්ස වෙරළ තීරයේ සංචාරක ව්‍යාපාරික ස්ථාන අනවසරයැයි පවසමින් අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට සැරැසීම පිළිබඳව තම විරෝධය ප්‍රකාශ කරන බව පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කරයි.


වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති අනවසර ඉදිකිරීම් ඉවත් කරන බවට කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර සිටියි.
අමාත්‍යවරයා කියා සිටිනුයේ වෙරළ තීරයේ ඇති යම් කිසි ඉදිකිරීමක් අනවසර නම් එය ඉවත් කළ යුතු බවත් වෙනත් අරමුණු වෙනුවෙන් මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයන්ගේ බඩට ගැසීමට ඉඩ ලබා නොදෙන බවත්ය.


මිරිස්ස වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර සිදු කරන ව්‍යාපාරික කටයුතු හේතුවෙන් ප්‍රදේශය මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයද වර්තමානය වන විට දියුණු තත්ත්වයක පවතින නිසා ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීම එම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩා වැටීමට ඍජු ලෙසට බලපාන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේ ව්‍යාපාරික ස්ථාන ඉවත් කරන්නේ නම් රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමු කළයුතු බවද ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon