කම්කරු දිනය 7 වැනිදා සමරන්න උඩරට දමිළ ප්‍රගතිශීලී පෙරමුණ තීරණය කරයි

  👤  3233 readers have read this article !
By mawbima 2018-04-23

හාලිඇළ - පියල් කිත්සිරි, මනම්පිටිය - නිමල් ජයරත්න


මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමට අනුව ලෝක කම්කරු දිනය සැමරීම ලබන මස හත්වැනිදා පැවැත්වීමට උඩරට වතුකරයේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ එක්ව පිහිටුවාගෙන ඇති දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ තීරණය කොට ඇත.


මෙවර වෙසක් උදාව අප්‍රේල් මස 29, 30 යන දෙදින යෙදී තිබීම නිසා මැයි පළමුවැනිදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම එදින නොපවත්වා වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන ලෙස මහ නායක හිමිවරුන් කර ඇති ඉල්ලීමට අනුව රජයද මේ වනවිට ලෝක කම්කරු දින සැමරුම මැයි මස හත්වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණයට අනුව දමිළ ප්‍රගතිශීලී පෙරමුණ මෙම තීරණයට එළැඹ තිබේ.


මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම නොතකමින් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ලෝක කම්කරු දින සැමරුම මැයි පළමුවැනිදා සැමරීමට ගෙන ඇති තීරණය බෞද්ධ ආගමටත් බෞද්ධ ජනතාවටත් කරනු ලබන නිගාවක් බව පැවසූ දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ උප සභාපති කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.

අරවින්ද් කුමාර් මහතා රජය මඟින්ද කම්කරු දින සැමරුම මැයි මස හත්වැනිදා පැවැත්වීමට ප්‍රකාශයට පත්කර ඇති නිසා ආගමික සහජීවනයට ගරු කරමින් සිය පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ තීරණය ගත් බවද කීය. ඒ අනුව මැයි 7 වැනිදා දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ ලෝක කම්කරු දින සැමරුම මැයි මස හත්වැනිදා පෙරවරු දහයට තලවාකැලේ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon