සිංහල දෙමළ මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය දිය යුත්තේ එකම වහලක් යටයි

  👤  3248 readers have read this article !
By mawbima 2018-04-23

සිංහල, මුස්ලිම් හා දෙමළ සියලු ජාතීන්ගේ ළමයින්ට එකම වහලක් යට අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුව ඇතැයි ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් පවසයි.


මිශ්‍ර ද්වි භාෂා පාසල් තෛ්‍ර භාෂා පාසල් කළ යුතු බවත් ඒ සඳහා තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
රාජකීය විදුහලේ දෙමළ භාෂා පන්ති අඩු බවත් සිංහල භාෂා පන්ති සංඛ්‍යාව එක සමානව නොමැති බවත් ඇමැතිවරයා පැවැසීය.


ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව සංවිධානය කළ සර්ව ආගමික සමුළුවට සහභාගි වෙමින් අදහස් පළ කළ ඇමැති මනෝ ගනේෂන් රටේ කොතනක හෝ ආගමික සිද්ධස්ථාන ඇති කරනවා නම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කළ යුතුයි. ඒ වගේම නීතිය හැමෝටම එක සමාන විය යුතුයි කීය.


ජේ.ටී.ද සිල්වා

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon