ජාතික ආණ්ඩු මිථ්‍යාවෙන් ඉවත් වෙලා එජාපය තනි ආණ්ඩුවක් හදන්න ඕනෑ

  👤  3419 readers have read this article !
By mawbima 2018-04-23

ජාතික ආණ්ඩු මිත්‍යාවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට හිටපු අධිකරණ ඇමැති කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සිය පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේද මතය වන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි පවසයි.


විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයක් පිළිබඳ 'මව්බිම' කළ කරුණු විමසීමකදී මන්ත්‍රිවරයා මෙසේත් කීය.


නැවත විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද හෙතෙම පැවසීය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරයක් භාර ගන්නා ලෙස ආරාධනාවක් සිදුකර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එම ආරාධනාව පිළිගන්නා බවත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබිණි.


ආරියරත්න ගනේගොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon