රස පරීක්ෂණ වාර්තාව සති දෙකක් තුළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබා දෙනවා

  👤  3302 readers have read this article !
By mawbima 2018-04-23

කොළඹ -
එම්. සී. පෙරේරා


රබර් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව සති දෙකක පමණ කාලයක් තුළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. වැලිඅංග මහතා පැවැසීය.


අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ පැවැසුවේ පස් දෙනකුට මරු කැඳවූ එම කර්මාන්ත ශාලාවේ භූගත ඇමෝනියා ටැංකිය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව 'මව්බිම' කළ විමසුමකට පිළිතුරු වශයෙනි.


රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සමඟ සහකාර රස පරීක්ෂක වජිරා කරුණාරත්න, කේ.වී. චන්ද්‍රමාලා පෙරේරා හා ඩබ්ලිව්. ඒ. එස්. ආර්. සේනක රත්නායක මහත්ම මහත්මීන් මෙන්ම රසායනාගාර සහායක මංජුල නවරත්න මහතාද එම පරීක්ෂණවලට සහභාගි වූහ.


අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සහකාර රස පරීක්ෂකවරුන් භූගත එම ඇමෝනියා ටැංකියේ ජල සාම්පල් යාබද ටැංකියේ ජල සාම්පල් මෙන්ම භූගතව තිබෙන ටැංකියකට යොදා තිබූ නළයකින්ද වායු පරීක්ෂණ කටයුතු සඳහා ලබාගත් අතර යන්ත්‍රයක් ආධාරයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලදී එම භූගත ටැංකියෙන් විස වායුවක් පිටවෙන බව සටහන් වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon