ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ නව පුහුණුකරු පීටර් ස්ලීප්

  👤  3319 readers have read this article !
By mawbima 2018-04-23

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ අංශයේ නව පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ස්ලීප් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කිරීමට නියමිත බව වාර්තා වේ.


කෙසේ වෙතත් මැයි මස 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ස්ලීප් මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පවත්වනු ලබන සති දෙකක පුහුණු සැසියකින් අනතුරුව එම පත් කිරීම සිදු කිරීමට නියමිතය. තවද පීටර් ස්ලීප් මහතා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙන බව පැවැසේ.


ඕස්ට්‍රේලියාවේ ඩැරන් ලීමන් ක්‍රිකට් ඇකඩමියේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස වර්තමානයේ කටයුතු කරන 61 හැවිරිදි පීටර් ස්ලීප් මහතා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කදී කඩුලු 31ක් දවා ගැනීමට සමත් වී ඇත. තවද පළමු පෙළ තරගවලදී කඩුලු 300ක් දවා ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon