කොදෙව් පිලට එරෙහි ලෝක කණ්ඩායමට ලංකාවෙන් තිසර පමණයි

  👤  3354 readers have read this article !
By mawbima 2018-04-23

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර මැයි 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරගයේදී ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තිසර පෙරේරාට අවස්ථාව හිමිව ඇත.


පසුගිය වසරේදී පාකිස්තානයේ ලාහෝර්හිදී ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුව තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන දෙවන අවස්ථාව මෙයයි. පසුගිය වසරේ සැප්තැම්බර් මස ඇතිවූ ඉර්මා සහ මරියා සුළි කුණාටු නිසා විනාශයට පත්වූ කැරබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ වන ජේම්ස් රොනල්ඩ් වෙබ්ස්ටර් සහ වින්ඩ්සර් පාර්ක් යන ක්‍රීඩාංගණයන් යථා තත්ත්වයට පත්කිරීමට අරමුදල් රැස් කිරීම සඳහා මෙම විස්සයි-20 ක්‍රිකට් තරගය සංවිධානය කර ඇත.


තවද මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් දස්කම් දැක්වූ කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් කොදෙව් සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක් වන අතර ක්‍රිස් ගේල්ද කොදෙව් කණ්ඩායමට ඇතුළත්ව ඇත. ලෝක කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ එංගලන්ත නායක ඉයන් මෝගන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon