ගාල්ලේ රොෂේන් දඹුල්ලේ මනෝජ් ශතක වාර්තා කරති

  👤  3358 readers have read this article !
By mawbima 2018-04-23

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොළඹ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 37ක් ලබා සිටී. තවද ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩායම කිසිවකු නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.


රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 210කට දැවී ගියේය. එහිදී කොළඹ කණ්ඩායමේ ලසිත් අබේරත්න ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ළහිරු මධුසංක ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවීගොස් ලකුණු 359ක් ලබා ගත් අතර එහිදී කුසල් පෙරේරා ලකුණු 85ක් සහ මනෝජ් සරච්චන්ද්‍ර ලකුණු 103ක් ලබා ගත්තේය.


මේ අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවීගොස් ලකුණු 425ක් ලබා ගැනීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොෂේන් සිල්වා ලකුණු 168ක් ලබා ගැනීම කැපී පෙනේ. තවද ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 90ක් සහ මාධව වර්ණපුර ලකුණු 66ක් ලබා ගත්තේය. මහනුවර කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 185කට සීමා විය. එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් සහ ඉසුරු උදාන ලකුණු 35ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පන්දු යැවීමේදී නිෂාන් පීරිස් ලකුණු 65කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.


ඡායාරූපය _ නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon