ජනපති-අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

  👤  3304 readers have read this article !
By mawbima 2018-04-23

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (23දා) පැවැත්වීමට නියමිත බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන...අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විෂයන් බෙදීම සහ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනා වෙනුවට පත්කරන ඇමැතිවරු කවුරුන්ද යන්න මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු පවසයි.


ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන දිනය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව දැනගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon