හොරණ කම්හලේ හිමිකරුට රටින් පිටවීම තහනම්

  👤  3302 readers have read this article !
By mawbima 2018-04-23

චාමර අමරසූරිය, කොළඹ - එම්. සී. පෙරේරා


පස් දෙනකුට මරු කැඳවූ හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරුට රටින් පිටවීම තහනම් කරමින් හොරණ අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය නියෝග නිකුත් කළ බව හොරණ පොලිසිය කියයි.

කොළඹ කුරුඳුවත්ත පදිංචි කේ. ඩී. සරත් විජේරත්න යන අයට විරුද්ධව මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇත.
එකී නියෝගයේ පිටපත් මත්තල හා කටුනායක ගුවන් ගමන් පාලකවරුන් වෙත යැවීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තවද සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුඳුවත්ත පොලිසියට දැනුම්දී ඇතැයිද එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේය.


මෙම සිද්ධියත් සමඟ කර්මාන්ත ශාලාවේ හිමිකරු ප්‍රදේශය හැර ගොස් තිබූ අතර ඔහුගේ දුරකතනද විසන්ධි කර ඇතැයි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඔහු අනිද්දා (25දා) නීතිඥවරයකු මඟින් අධිකරණයට භාරවීමට යන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.


ඉකුත් 19 වැනි දින විමර්ශන කටයුතු සඳහා එහි කර්මාන්ත ශාලාවට පොලිස් ආරක්ෂාව යොදා තිබූ අතර මේ වනවිට විමර්ශන කටයුතු අවසන් බැවින් එම කර්මාන්තශාලාවට තවදුරටත් ආරක්ෂාව සැපයීමට නොහැකි බැවින් එහි අයිතිකරු වන සරත් විජේරත්නට හෝ ඔහු විසින් නම් කරන ලද අයකුට එහි ආරක්ෂාව සපයා ගන්නා ලෙස දැනුම් දෙමින් හොරණ පොලිසිය ඊයේ වැඩිදුර වාර්තාවක් වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්තා ජයසූරිය මහත්මිය වෙත ඉදිරිපත් කළේය.


එයට මහෙස්ත්‍රාත්වරිය ඉඩ ලබාදුන්නාය. එහි පිටපත් ලියාපදිංචි තැපෑලෙන් හිමිකරුගේ කුරුඳුවත්ත ලිපිනයට යැවීමට නියමිත බවද හොරණ පොලිසිය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon