හිරේට නියම වූ පියා සමඟ යන්න හැදූ දියණිය ගැන ආණ්ඩුකාරවරයාගේ හිත උණු වෙලා

  👤  3314 readers have read this article !
By mawbima 2018-04-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


කොළඹදී බෝම්බ පිපිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින කිලිනොච්චියේ ආනන්දන් සුදාකරන්ගේ දියණියට අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පිණිස රුපියල් 10,000ක මුදල් ආධාරයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පිරිනමා තිබේ.

දරුවන් දෙදෙනකුගේ පියකු වන සුදාකරන් බන්ධනාගාර ගතව සිටියදී මීට මාස දෙකකට ඉහත ඔහුගේ බිරිය පිළිකා රෝගයෙන් මියගිය අතර ඇගේ මළ ගෙදරට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද බන්ධනාගාර බස් රථයකින් පැමිණි සුදාකරන් ආපසු යෑමට සූදානම් වූ අවස්ථාවේදී කුඩා දියණියද පියා සමඟ යෑමට අවශ්‍ය බව කියමින් බස් රථයට නැඟීමත් සමඟම ඒ සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබිණි.


පියාත්, මවත් දෙදෙනාම අහිමිවී සිටින මේ දරුවන් දෙදෙනාගේ අනාගතය දෙස සානුකම්පිතව බලා සුදාකරන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස කිලිනොච්චියේ වැසියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර තුර සුදාකරන්ගේ දරුවන් උතුරු පළාත් ආණඩුකාරවරයා හමුවට ගිය අවස්ථාවේදී එතුමා මේ පරිත්‍යාගය ලබා දී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon