පස් හැවිරිදි දරුවා සෙල්ලම් කරන්න AK-47 තුවක්කුවක් ඉල්ලලා

  👤  3327 readers have read this article !
By mawbima 2018-04-23

මුලිතිව් - මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පස් හැවිරිදි කුඩා ළමයකු පළාතේ හමුදා ප්‍රධානියාගෙන් සෙල්ලම් කිරීම සඳහා ඒ.කේ. - 47 වර්ගයේ තුවක්කුවක් ඉල්ලා තිබේ.
යුද හමුදාවේ 68 වැනි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා පූර්ණ සහයෝගය මත මුල්ලිවයික්කාල් නැඟෙනහිර චන්ද්‍රන් පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වී ඇත්තේ යුද හමුදාවේ 681 ආඥාපති බි්‍රගේඩියර් ධම්මික දිසානායක මහතාය.


ඔහු කුඩා ළමයින් සමඟ විවිධ දේ කතා කරමින් සිටි අවස්ථාවේ "ඔයාලා ලොකු වෙලා ලොකු මිනිස්සු වෙලා මොන සෙල්ලම්ද කරන්න ආස කියන්න බලන්න යනුවෙන්" විමසා ඇත.
එහි සිටි එක් ළමයකු එක්වරම ප්‍රකාශ කොට ඇත්තේ "මට ඕනෑ ඒ.කේ. - 47 තුවක්කුවක්" යනුවෙනි.


හමුදා ප්‍රධානියා කිසිවක් නොඇසුණා සේ නිහඬව සිට උත්සවයේ වැඩ අවසන් කර යන්නට ඉඩ හැර තිබේ.
සියල්ල අමතක වූ පසුව බි්‍රගේඩියර් ධම්මික මහතා ඒ.කේ. - 47 තුවක්කුවක් ඉල්ලූ ළමයා තමන් ළඟට කැඳවා බොහෝ සුහදව කතා කොට ඒ ළමයාට සෙල්ලම් බඩුවක් පරිත්‍යාග කොට තිබේ.


ආරක්ෂක අංශ මේ පිළිබඳව කියා සිටියේ මේ ළමයා උපදින විට මුලතිව් පළාතේ පමණක් නොව මුුළු රටේන්ම යුද්ධය හමාරවී සාමය උදාවූ කාලයක් වුවත්, ඔවුන්ගේ පරිසරයේ යුද මානසිකත්වය තවමත් බැහැරව ගොස් නොමැති බවට මෙය කදිම නිදසුනක් බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon