පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ජනපති වෙතින් පිදුම් ලබයි

  👤  3612 readers have read this article !
By mawbima 2018-04-25

පසුගියදා නිමාවූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය ලෙස ඉතිහාසයේ නම රැන්දීමට උරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙත එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 5ක් හිමි වූ අතර ඒ බර ඉසිලීම ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දික දිසානායක(රිදී), දිනූෂා ගෝමස්(ලෝකඩ), චතුරංග ලක්මාල්(ලෝකඩ) සහ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් අනූෂා කොඩිතුවක්කු(ලෝකඩ), ඉෂාන් බණ්ඩාර(ලෝකඩ), තිවංක රණසිංහ(ලෝකඩ) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.

අද දින පැවැත්වෙන ඇගයීම් උත්සවයේදී ජනාධිපතිතුමන් අතින් ඉන්දික දිසානායක ක්‍රීඩකයා හට රුපියල් ලක්ෂ 40ක මුදල් ත්‍යාගයක් හා අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලක්ෂ 30 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය. තවද මෙම ජයග්‍රහණ සඳහා මඟපෙන්වූ පුහුණුකරුවන් වෙත ක්‍රීඩකයන් හට ලැබෙන මුදලේ වටිනාකමින් සියයට 25ක මුදල් ත්‍යාග ද පිරිනැමෙනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පදක්කම්ලාභීන් වෙත මෙතෙක් ඉතිහාසයේ ලබාදුන් ඉහළම මුදල් ත්‍යාග මෙය වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon