‘මැදි මහ සටන’ හෙට දඹුල්ලේදී

  👤  3893 readers have read this article !
By mawbima 2018-04-25

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් 'මැදි මහ සටන' හෙට (26දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය විසින් මෙවර තරගයේ සත්කාරකත්වය දරනු ලබයි. අශේන් චාමර විසින් ගලහිටියාව විද්‍යාල කණ්ඩායමේ නායකත්වය හොබවන අතර තෝලංගමුව මධ්‍ය විද්‍යාල කණ්ඩායමේ නායකත්වය නිලක්ෂ ලක්ජිත් විසින් හොබවනු ලබයි. කෙසේ වෙතත් 2012දී ඇරැඹි මෙම තරග ඉතිහාසයේ පැවැති තරග 6න් තරග 4ක් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයටද, තරග 2ක් තෝලංගමුව මධ්‍ය විද්‍යාලයටද ජය හිමිවී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon