ආණ්ඩුව හදන්නේ බෞද්ධයන්ව පන්සලෙන් අෑත් කරවන්නයි

  👤  3790 readers have read this article !
By mawbima 2018-04-25

බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනයේ උන්නතියට නීති දැම්මා වගේ බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් හැදීම සම්බන්ධයෙනුත් නීති දාන්න පුළුවන්ද? මෙතැන යටි අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි පන්සලෙන් බෞද්ධයා අෑත් කිරීම. ඒ වගේම දරුවන් දහම් පාසලෙන් අෑත් කිරීම. මේ පිළිබඳව සංඝරත්නය වගේම ජනතාවත් දැනුවත් විය යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එසේ පැවැසුවේ ‍ෙදාඩම්ගස්ලන්ද, මීපිටිය ජිනවන්දිරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීමෙන් අනතුරුව පැවැති ජනහමුවේදීය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුවේ දැන් අලුත් කෙටුම්පතක් තියෙනවා. ඒකට අනුව අපිට අපේ ගමේ හිතූ හිතූ පරිදි පන්සලක්, දහම් පාසල් ගොඩනැඟිල්ලක් හදන්න බැහැ. ඒකට සර්ව ආගමික කමිටුවේ අවසරය ගන්න ඕන. එතැනින් බැරි වුණොත් දිස්ත්‍රික්, පළාත් එහෙමත් නැත්තම් අමාත්‍යාංශය දක්වා යන්න වෙනවා. එතැනින් එක්කෙනෙක් හරි විරුද්ධ වුණොත් වැඩේ කම්මුතුයි. මෙන්න මේක තමා අපේ රටේ අලුත්ම තත්ත්වය.

ආගමික දියුණුව වගේම තමා රටකට විදුලිය, ජලය, මංමාවත් කියන පහසුකමුත් අවශ්‍යයි. අපි රටටම විදුලිය දෙන්න නොරොච්චෝලෙ විදුලි බලාගාර හදන විට අපිට බැන්නා, කළු කොඩි දැම්මා. මුදල් ගසා කනව කිව්වා. හැබැයි අපි ඒකට වියදම් කරපු මුදල වගේ දසගුණයක් ලාභ ලබනවා.

අධිවේගි මාර්ග හදන විටත් මම වියදම් කරන මුදලට වඩා දසගුණයක් අඩුවෙන් කරන්න පුළුවන් කිව්වා. නමුත් අද ඒ අය හදන අධිවේගි මාර්ගවල වියදම මගේ කාලේ කරපු වියදම වගේ තුන්ගුණයක්.

මම එදා බැනුම් අහමින් කරපු සියලුම දේ අද විකුණගෙන කනවා. අපි අදත් සතුටු වෙනවා හම්බන්තොට වරාය හදන්න හැකිවීම ගැන. එතන වරායක් අෑත ඉතිහාසයෙ තිබිලා තියෙනවා. ඒ කාලෙ පිහිනුම් තටාකයක් හදනවා කියලා අපට හිනාවුණු අය හම්බන්තොට වරාය විතරක් නෙවෙයි ඒ අවට වරායට සම්බන්ධ කර්මාන්ත පුරයක් හදන්න තිබුණ හෙක්ටයාර් 2500ත් තුට්ටු දෙකට විකුණලා. මට ළඟදි දවසක තරුණයෙක් කීවේ වරාය බලන්න යන්න අවසර ඉල්ලුවාම චීනයෙන් අවසර ගන්න කීවය කියලා. ගුවන්තොටුපළටත් තව ටික දවසකින් ඔය ඉරණමම අත්වෙනවා.

අද මේ රටේ ජනතාවගේ ජීවන වියදම ගැන කතා කරන්නේ නැහැ. බැංකු මංකොල්ලයට සම්බන්ධ අය හොයන්න කියලා ලෝකය පුරා රටවල්වල සංචාරය කරමින් සිරි නරඹමින් වැජඹෙනවා. එක්කෙනෙක් නෙවෙයි ඔය කියන කණ්ඩායමේ හත් දෙනෙක් ඉන්නවා. ඒවට අදාළ සාක්ෂි, පින්තූර අපි ළඟ තියෙනවා. චීනයට යන්නෙ වෙන වැඩකට. මේ අය ගිහින් කරන්නෙ චීන මහ ප්‍රාකාරයට නැඟලා අවට සිරි නරඹමින් විනෝද වෙනවා. ගිය වැඩේ කරන්නෙ නැහැ. ඒ අය ගැන හොයන්න ගියොත් කොමිෂන් 10ක් තිබුණත් මදි.

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගන්න බැරිලු. හොයාගන්න බැරිලු. මඟුල් ගෙදර ගිහින්ලු. රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවම එනවලු. හැබැයි මට කීව නම් මම එක පණිවුඩයෙන් ගෙන්නවලා දෙනවා. මට කියලා නැහැ. කියන්න ලැජ්ජයිනෙ.

ජ්.ඛ්.ධ්.ච් ය නීත්‍යනුකූල එකක් නෙවෙයි. මම හෙට අහවලා රිමාන්ඩ් කරනවා, අහවලාට දෙන දඬුවම මේකයි කියනවා. නඩුවත්, නඩුකාරයත්, තීන්දුවත් ඔක්කොම එයාලා. නමුත් මම කියනවා නඩුකාරයෙක් දෙන තීන්දුවක්, ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවෙ කියනවා නම් ඒක පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් අපහාසයක්.

කුරුණෑගල - කමලා අතරගල්ල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon