බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවන හිමිවරුන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා

  👤  3696 readers have read this article !
By mawbima 2018-04-25

වෙසක් හා පොසොන් පොහෝ දිනවල තොරණ ප්‍රදර්ශනය තහනම් කරලා නැහැ. 2002 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ එස්.බී. දිසානායක ඇමැතිවරයාත්, බන්ධුල ගුණවර්ධන ඇමැතිවරයාත්, ජී.එල්. පීරිස් ඇමැතිවරයාත් හිටියෙ අපිත් එක්ක. ඒ අවස්ථාවේදී අධිකරණ, පුනරුත්ථාපන හා බුද්ධශාසන ඇමැති වි.ජ.මු. ලොකු බණ්ඩාර දැඩි චක්‍රලේඛයක් පොලිස්පතිට යැව්වා. වෙසක් හා පොසොන් පොහොය දින උදේ හා සවස් වරුවේ තොරණ තහනම් කරලා. මේ අවස්ථාවේදී අපේ සංඝ උපදේශක කමිටුව ඉල්ලීමක් කළේ එදා දවසේ පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීමෙන් වැළකිලා පසුවදා සිට ප්‍රදර්ශනය කළාට කමක් නැහැ කියලා. දන්සල් තහනම් කරලා නැහැ. දන්සල් නැත්නම් එදාට අනුරාධපුරයේ, පොළොන්නරුවේ යන වන්දනාවේ යන අයට කෑම ටිකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දන්සල් තහනම් කරලා නැහැ.

ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මෙම අදහස් පළකළේ බිංගිරිය දේවගිරි රාජමහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

පොහොය දිනවලට තොරන් නතර කිරීමට හේතුව තමයි බොහෝ විහාරස්ථානවල පොහොය දිනවල ඉතිරි වන්නේ වයසක උපාසක අම්මලා හා උපාසක මහත්වරු කිහිප දෙනෙක් පමණයි. ඒ නිසා එදාට තමන්ගේ විහාරස්ථානවලට ගිහින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දීලා කටයුතු කිරීමට අපේ දායක දායිකාවන්ට හැකියාව ලැබෙනවා.

මං ඉල්ලීමක් කරනවා සියලු බෞද්ධයන්ගෙන්ම නිවෙස් තුළ වෙසක් සතියේ බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්න කියලා. අපි ඉදිරියේදී බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවෙන අපේ ස්වාමින් වහන්සේට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා. අධ්‍යාපන ඇමැතිතුමා පාසල් සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ රක්ෂණ ක්‍රමය පිරිවෙන් ස්වාමින් වහන්සේටත් ලැබෙනවා. අසනීප වුණොත් යම් කිසි ආපදාවක් වුණත් ඒකෙන් රැකවරණය ලැබෙනවා. මේ ආකාරයෙන් ලංකාවේ සෑම විහාරස්ථානයකම ස්වාමින් වහන්සේට මේ රක්ෂණ ක්‍රමයට ආවරණය වෙන්න ක්‍රමවේදයක් හදනවා. අසනීප වුණාම බේත් ටික ගන්න, හදිසි ආපදාවක් වුණාම රක්ෂණ ක්‍රමයෙන් වන්දි මුදලක් ගැනීමට පුළුවන් වෙන ආකාරයට.

සමහර පන්සල්වල වැසිකිළියක් නැහැ. දාන ශාලාවක් නැහැ. සංඝාවාසයක් නැහැ. දානේ ටික ලැබෙන්නේ නැහැ. බීමට ජලය නැහැ. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඒ පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ පන්සල් වර්ගීකරණය කරලා මේ පන්සල් ටික දියුණු කරනවා. අපි මුදල් ලබාදීමේදී ප්‍රමුඛතාව දෙන්නේ මෙම විහාරස්ථාන දියුණු කිරීමටයි. මේ අවුරුද්දේ අපි මේ වැඩසටහන ආරම්භ කරලා වර්ෂ දෙකක් ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

ගිය වර්ෂයේදී ජනාධිපතිතුමාගේ අරමුදලින්, අගමැතිතුමාගේ අරමුදලින්, අකිල විරාජ් ඇමැතිතුමාගේ අරමුදලින් සහ බුද්ධශාසන අමාත්‍යාංශ අරමුදලින් පන්සල් හාරදහස් එකසියයකට මුදල් දීලා තියෙනවා. සමහර අවස්ථාවල එකම පන්සලකට කීප සැරයක් ලැබිලා තිබෙනවා. මේ දෙය නැති කරන්න අපි කටයුතු කරනවා.

මම බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් තීන්දු තීරණ ගන්නේ මහා සංඝරත්නයේ උපදෙස් අවවාද අනුශාසනා මතයි. හාමුදුරුවරු ඉල්ලීමක් කළා, වෙසක් දිනට පසු දිනට තමයි ලෝක කම්කරු දිනය යෙදී තියෙන්නේ. එදිනට කම්කරු පෙළපාළි යෑම ගැළපෙන්නේ නැහැ. ඒ නිසා වෙසක් සතිය තුළ කම්කරු පෙළපාළි යෑම නොගැළපෙන නිසා ඒ සඳහා වෙනත් දිනයක් වෙන් කරන ලෙස. ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡා කරලා රජය තීන්දු කළා එය මැයි මාසේ 7 වැනිදාට යොදා ගැනීමට.

හෙට්ටිපොළ - සුදර්ශි වික්‍රමනායක
නාරම්මල - රෝහිත ශ්‍රී හේමන්ත
නාරම්මල - ධර්මසිරි රණසිංහ
රඹාවැව - කේ.ඒ. ජයසූරිය
අලවතුගොඩ-
ජයම්පති අනුර බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon