වෙසක් සමයේ සුරා අපරාධ වැළැක්වීමට විශේෂ වැඩසටහනක්

  👤  3740 readers have read this article !
By mawbima 2018-04-25

සිදත් මෙන්ඩිස්

වෙසක් උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කොට තිබේ.

අප්‍රේල් මස 27 වැනි දින සිට මැයි මස 03 වැනි දින දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්. සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරේ.

මේ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඇතුළු සමස්ත මත්පැන් සැපයුම් දාමය අඛණ්ඩව අධීක්ෂණයට ලක් කිරීමටත් මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථානයන් වැටලීමටත්, එම ස්ථාන ග්‍රහණය කිරීමටත් සිය අධීක්ෂණය යටතේ නිලධාරි කණ්ඩායම් යෙදවීමට සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට නියෝග කොට තිබේ.

සමස්ත වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශය වෙත පවරා ඇති බවත්, එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සුරාබදු මූලස්ථානයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බවත්, සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන අතර සුරාබදු අපරාධ පිළිබඳව තොරතුරක් ඇත්නම් 0112045077 දුරකතන අංකයට හෝ 0112877882 ෆැක්ස් අංකයට යොමු කරන ලෙසට මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon