පාරිභෝගිකයන් මුළා කරන රන් බඩු වෙළෙඳපළට එන ප්‍රවණතාවක් ප්‍රමිතිගත රන් බඩු මිලට ගැනීමට සුපරික්ෂාකාරිවන්න

  👤  3607 readers have read this article !
By mawbima 2018-04-25

පාරිභෝගික ජනතාව මුළා කරන ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බැවින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව (හෝල් මාර්ක්) සහිත රන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුපරික්‍ෂාකාරී වන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මනේෂ් ගම්මන්පිල ඉල්ලා සිටියි.

ආනයනික රන් සඳහා සියයට පහළොවක තීරු බද්දක් පසුගිය අප්‍රේල් මස 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැනවීම හේතුවෙන් රන් භාණ්ඩ අලෙවි සල්වල නව බද්දත් සමඟ රන් පවුමක මිල රුපියල් අට දහසකින් පමණ ඉහළයාම නිසා එම තත්ත්වයට පත්විය හැකි බව ඔහු අවධාරණය කරයි.

එබැවින් මහජනතාව විසින් ඉහළ මිලක් ගෙවා රන් භාණ්ඩ මිල දී ගැනීමේදී අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව තැබූ රන් භාණ්ඩ පමණක් ඉල්ලා සිටීමට කටයුතු කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon