ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුවට යෑමට ආ තරුණයා කටුනායකදී අත්අඩංගුවට

  👤  3802 readers have read this article !
By mawbima 2018-04-25

කටුනායක - ගයා තිරිමාදුර

ව්‍යාජ ලෙස සකස් කළ කූට ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු ඊයේ (24දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි, සවරිමුත්තු සන්තියාගු පිල්ලේ ඇල්ප්‍රඩ් එඩිසන් නමැති 25 හැවිරිදි ධීවර කාර්මික වෘත්තියේ නියැළී සිටි තරුණයෙකි.

ඔහු පිළිබඳව සැක සිතූ ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර බලද්දී සිංගප්පූරුවේ සිට එංගලන්තය බලා පිටත්ව යෑමට තවත් ගුවන් ටිකට් පතක් සඟවා ගෙන තිබී හමුවී ඇත.

තවදුරටත් ගමන්මල්ල පරීක්ෂා කරද්දී ඒ තුළ තිබූ ව්‍යාජ ලෙස සකස් කළ වාණිජ නාවිකයන් සඳහා නිකුත් කරන හැඳුනුම්පත සහිත (අඥජධපඤ ඕධධඬ) පොතක්ද, මොහු නාවිකයකු බව හඟවන තවත් ව්‍යාජ සහතික පත්‍ර විශාල ප්‍රමාණයක්ද තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මොහු එංගලන්තය බලා යෑමට පැමිණ ඇති බවත්, මෙම කටයුතු සංවිධානය කරමින් මෙහෙයවන, එංගලන්තයේ පදිංචි පුද්ගලයකු සිටින බව අනාවරණය වීමත් සමඟ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ආගමන, විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම තරුණයාත්, මෙම ලිපි ලේඛන තොගයත්, කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරි කාර්යාලය වෙත භාරදී තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon