ලංගම බස් රියැදුරකු අමානුෂික වැඩක් කරලා

  👤  3712 readers have read this article !
By mawbima 2018-04-25

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

විවාහ මංගල උත්සවයකට සහභාගි වී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් අනුරාධපුර නගරයට පැමිණෙමින් සිටියදී හදිසියේ ඇති වූ ශරීර අවශ්‍යතාවක් නිසා බස් රථයේ රියැදුරාගේ අවසරය මත බස් රථයෙන් බැස බස් නැවතුමේ පිහිටි වැසිකිළියට ගිය අවස්ථාවේ ඇයව වැසිකිළියේ දමා බස් රථය ධාවනය කරවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනියක් මහත් අපහසුතාවට පත්වීමේ පුවතක් වාර්තා වේ.

සිදුකළ පහත් හා අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් අනුරාධපුර ඩිපෝව හරහා වාරියපොළ ඩිපෝවට ලිඛිතව පැමිණිල්ලක් සිදුකර පරීක්ෂණයක් ඉල්ලන බවද අෑ පැවැසුවාය.
රියැදුරා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් ඇය වාරියපොළ පිහිටි ඩිපෝවට දුරකතනය මඟින් ඩිපෝ කළමනාකරු සම්බන්ධ කරගෙන පැමිණිල්ලක් සිදුකිරීමට උත්සාහයක නිරතවුවත් ඔවුන් රියැදුරා සාධාරණ බව අඟවමින් පැමිණිල්ල පිළිබඳව අවධානය යොමු නොකළ බව අෑ පැවසුවාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 19 සේවයේ නියුතු ප්‍රධාන හෙද නිලධාරිනිය හා ඇගේ මිතුරු හෙද නිලධාරිනියන් තිදෙනකු මේ අකරතැබ්බයට මුහුණපා තිබේ.

ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුළු හෙද නිලධාරිනියන් තිදෙනා පසුගිය 18 වැනිදා කුරුණෑගල ප්‍රදේශයේ පැවැති මිතුරු හෙද නිලධාරිනියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත නිවෙසට පැමිණීම සඳහා එන් බී 1231 දරන ලංගම බස් රථයට කුරුණෑගල බස් නැවතුමෙන් නැඟ තිබිණි. බස් රථය සවස 2.55ට එම ස්ථානයෙන් පිටත්වී ඇති අතර රුපියල් 150 බැගින් වූ ප්‍රවේශ පත්‍ර හතරක්ද ඔවුන් ලබාගෙන තිබේ. බස් රථය වාරියපොළ බස් නැවතුමට පැමිණි අවස්ථාවේ ශල්‍යකර්මයකට භාජන වී සිටින ප්‍රධාන හෙද නිලධාරිනියට සුළු අවශ්‍යතාවක් සඳහා වැසිකිළියට යෑමට අවශ්‍ය වී තිබුණු අතර ඒ සඳහා රියැදුරාගෙන් අවසරය ඉල්ලූ අවස්ථාවේ විනාඩි දෙකක් ඇතුළත වැසිකිළියට ගොස් පැමිණෙන ලෙස ඇයට දන්වා තිබේ. ඉතා ඉක්මනින් විනාඩි දෙකකටත් පෙර අවශ්‍යතාව ඉටුකරගත් හෙද නිලධාරිනිය කඩිනමින් බස් රථයට නැඟීමට පැමිණියත් ඒ වනවිට බස් රථය බස් නැවතුමේ නැතිවීම නිසා කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වී තිබේ. ඇයගේ මුදල් සහිත ගමන් මල්ල බස් රථයේ සිටි හෙද නිලධාරි මිතුරියන් ළඟ තිබී ඇති අතර ඔවුනුත් බස් රථය ධාවනය නොකරන ලෙස රියැදුරාට ඇවිටිලි කළත් තවත් බස් රථ පස්සෙන් එනවා. ඒවා අපිට ඉස්සර කරනවා යනුවෙන් පවසමින් රියැදුරා බස් රථය අනුරාධපුර දෙසට ධාවනය කර තිබේ. සිය මිතුරියට වෙනත් බස් රථයක පැමිණීමටවත් ඇය සන්තකයේ මුදල් නොමැති නිසා තිදෙනාම ඉදිරියෙන් ඇති බස් නැවතුමෙන් බස්සවන ලෙස ඉල්ලීම් සිදුකළත් රියැදුරා ඒ කිසිවක් ගණනකට නොගෙන බස් රථය ඉදිරියට ධාවනය කර තිබේ. ඔහුට අවස්ථා කිහිපයක් ඇවිටිලි කිරීමෙන් අනතුරුව හෙදියන් තිදෙනාව ස්ථාන දෙකකින් බැස්සවූ රියැදුරා බස් රථය විදුලි වේගයෙන් අනුරාධපුර දෙසට ධාවනය කර තිබේ. වැසිකිළියට ගොස් බස් නැවතුමේ අතරමං වූ හෙදිය කුරුණෑගල සිට අනුරාධපුරයට ධාවනය වූ පෞද්ගලික බස් රථයකට නැඟ සිදුවූ අකරතැබ්බය එහි කොන්‍ෙදාස්තර තරුණයාට පවසා ඇති අතර ඔහු කිසිදු මුදලක් අය නොකර ඇයව අනුරාධපුරයට රැගෙනවිත් තිබේ. මිතුරිය සොයා ගැනීමට බස් රථයෙන් බසිනු ලැබූ සෙසු හෙද මිතුරියන් ඇය හමුනොවීම නිසා නැවතත් මුදල් ගෙවා වෙනත් බස් රථයකින් අනුරාධපුරයට පැමිණ තිබේ. "මම අවසරයක් අරගෙන වැසිකිළියට ගියේ. ශල්‍යකර්මයක් සිදු කර තිබෙන නිසා මා හට විටින් විට වැසිකිළියට යෑමට අවශ්‍ය වෙනවා. මම මානුෂික ඉල්ලීමක් කළේ. කාන්තාවන්ගේ අපහසුතාවන් නොතේරෙන මේ වගේ පිරිමින් පිළිබඳව පුදුම අප්‍රසන්නතාවක් ඇතිවෙනවා. අපි මිනිසුන් ජීවත් කරන්න දිවා රෑ නොබලා කටයුතු කරද්දී රජයේ ආයතනයකට අයත් බස් රථයක රියැදුරාට කාන්තාවක් වැසිකිළියට ගිහින් එනකම් විනාඩි දෙකක් ඉවසන්න බෑ. මම බස් රථයෙන් බැස්සේ විනාඩි හයක් බස් නැවතුමේ බස් රථය නවත්තනවා කියපු නිසා. මේ නිසා මමත් මගේ මිතුරියනුත් දැඩි අපහසුතාවට පත් වුණා. රුපියල් 600ක වියදමින් එන්න තිබූ ගමනට රුපියල් දෙදහසක් පමණ වියදම් වුණා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ප්‍රවේශපත්‍රයේ තිබූ ස්ථාවර දුරකතන අංකයට ඇමතුමක් ගත්තත් එය වැඩ කරන්නේ නෑ. රියැදුරා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් වාරියපොළ පිහිටි ඩිපෝවට දුරකතනය මඟින් ඩිපෝ කළමනාකරු සම්බන්ධ කරගෙන පැමිණිල්ලක් සිදුකිරීමට උත්සාහයක නිරත වුවත් ඔවුන් ඒ පිළිබඳ නිසි අවධානය යොමු කළේ නැහැ" යැයි හෙද නිලධාරිනිය පැවසුවාය. "අංක එන් ඩී 0926 දරන පෞද්ගලික බස් රථයේ කොන්‍ෙදාස්තර රාජකාරිය සිදුකළ දරුවා මගෙන් මුදල් නොමැතිවම අනුරාධපුර නගරයට රැගෙන ආවා. නමුත් ලංගම බස් රථයේ රියැදුරා සිදුකළ ක්‍රියාව ඉතාම පහත් ක්‍රියාවක්" යනුවෙන් අෑ තවදුරටත් පැවසුවාය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon