විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවයක් ඉල්ලා වෘත්තීය අරගලයක් අරඹන ලකුණු

  👤  3619 readers have read this article !
By mawbima 2018-04-25

හර්ෂනී අර්සකුලරත්න

විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහා වෙනම සේවයක් ස්ථාපිත කිරීමේ යෝජනාව සහිත ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව නිසි විසඳුම් ලැබීම තවදුරටත් ප්‍රමාද වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එළැඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර පවසයි. ඒ සඳහා වන සාකච්ඡාවක් මේ සතිය ඇතුළතදී උසස් අධ්‍යාපන ඇමැති කබීර් හෂීම් සමඟ පැවැත්වීමට නියමිත බවත් එහිදී ලැබෙන විසඳුම් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග තේරීමට සිදුවන බවත් ඔහු පැවැසුවේය.

අධ්‍යාපනය ලබන දරුවන් අපහසුවට පත් නොකොට එතැනින් ඔබ්බට යමින් ගත හැකි බොහෝ ක්‍රියාමාර්ග පවතින බවත් ඒ හරහා විශ්වවිද්‍යාල පද්ධතියටම දැඩි බලපෑම් එල්ල කළ හැකි බවත් හෙතෙම පැවැසීය.විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සෙසු සේවාවන්ගෙන් පරිබාහිරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය විශේෂ සේවයක් ලෙස ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින්නේ එසේ නොමැතිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා වන වැටුප් ඉහළ දැමීම අපහසු කරුණක් වී ඇති නිසා යැයි ද හෙතෙම පැවැසීය. කලාපයේ අඩුම වැටුප් ලබන්නේ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරු බවත් පවතින අඩු වැටුප් හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු රඳවා ගැනීම දැඩි ගැටලුවක් බවට පත්වී ඇති බවත් ඔහු පැවැසුවේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon