කර්මාන්තශාලාවල පරිසර සහතික ගැන සොයන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි

  👤  3664 readers have read this article !
By mawbima 2018-04-25

ආරියරත්න ගනේගොඩ

රටේ දැනට පවත්වාගෙන යන සෑම කර්මාන්තශාලාවක්ම ලබාගෙන තිබෙන පරිසර සහතිකය පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදුකරන ලෙස පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ඇතැම් කර්මාන්තශාලා පරිසර සහතික ලබාගෙන නොමැති බවත් තවත් ආයතන කිහිපයක් නිලධාරීන්ට අල්ලස් ලබාදී එම සහතිකය ලබාගෙන තිබෙන බවටත් තොරතුරු වාර්තා වන බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා 'මව්බිම'ට පැවැසීය.

හොරණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ඇති වූ අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් 5 දෙනකු මිය යෑමේ වගකීම පරිසර අමාත්‍යාංශය භාරගත යුතු බවද පවසා සිටියේය.

කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය පිළිබඳව පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය විසින් සොයා බැලිය යුතු බවත් මේ ආකාරයටම අනාරක්ෂිත තත්ත්වයේ පවතින කර්මාන්තශාලා පිළිබඳව එම ආයතනයට හා රජයේ වෙනත් ආයතනවලට පැමිණිලි කළද ඒ පිළිබඳ සොයා බැලීමක්වත් සිදු නොකළ බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon