අප්‍රේල්වලට වෙසක් දිනය යොදා ගැනීම උචිත නොවේ

  👤  3729 readers have read this article !
By mawbima 2018-04-25

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මෙවර වෙසක් පුන් පොහෝ දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම උචිත නොවන බව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි නියංගොඩ විජිතසිරි හිමියෝ සඳහන් කළහ.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එය ශ්‍රී ලාංකික සම්ප්‍රදායටද පටහැනි බවයි. බොහෝ රටවල වෙසක් උත්සවය මැයි මස 29 වැනි දිනට යෙදෙන පුන් පොහෝ දිනට යොදාගෙන තිබුණත් අප රට පමණක් ඒ දිනය අප්‍රේල් මාසයේ යොදා ගැනීම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ කීහ.

අප්‍රේල් මසට යෙදෙන පුන් පොහෝ දින බක් පොහෝ දිනය බවත් මැයි මසට යෙදෙනුයේ වෙසක් පොහොය දිනය බවත් උන්වහන්සේ අවධාරණය කළහ. ලොව බොහෝ බෞද්ධ රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ යෙදෙන පසළොස්වක පොහොය දිනයේ බවත් ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්නේත් මැයි මාසයේ බවත් අනුනාහිමියෝ පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන්ගෙන් සහ විද්වතුන්ගෙන් විමසා කටයුතු කළ යුතු බවද අනු නාහිමියන් කීහ. මෙවන් අත්තනෝමතික කටයුතු නිසා රටට ජාතියට බොහෝ දුර්විපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයිද උන්වහන්සේ කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon