ගතවූ මාස 4ට මිනීමැරුම් කොල්ලකෑම් 52ක්

  👤  3718 readers have read this article !
By mawbima 2018-04-25

චාමර අමරසූරිය

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ බස්නාහිර පළාතේ පමණක් මිනීමැරුම් සහ ආයුධ සන්නද්ධව සිදු කළ කොල්ලකෑම් 52ක් වාර්තා වී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

එසේම ආයුධ සන්නද්ධව සිදු කළ අපරාධ 52ක් මේ වසර තුළ වාර්තා වී ඇති බවද පොලිස්පතිවරයා පැවැසීය.

මෙම අපරාධ රැල්ල කලක් නැතිව තිබී එකවරම සංවිධානාත්මක මිනීමැරුම් තුන හතරක් පසුගිය කාල සීමාවේදී වාර්තා වූ බවද පැවැසූ පොලිස්පතිවරයා එම නිසා සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා නව ක්‍රමවේදයක් මේ වනවිට භාවිත කරන බවත් බුද්ධි තොරතුරු සහ ප්‍රගති සමාලෝචන මාර්ගයෙන් එම කටයුතු සිදු වන බවත් කීය.

මෙම අපරාධවලට සම්බන්ධ සියලු දෙනාවම අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය මට්ටමෙන් විශාල කැප කිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇති බවත්, එම නිලධාරීන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවරද මේ වනවිට ගෙන ඇති බවත්, පොලිස්පතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවැසීය.

මේ අවස්ථාවට නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුච සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon