තවත් වාර්තාවක් ඇමෙරිකානු ඩොලරය නහුතෙට නඟී

  👤  3590 readers have read this article !
By mawbima 2018-04-25

සිදත් මෙන්ඩිස්

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල, මෙරට ඉතිහාසය තුළ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (24දා) වන විට ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 158.73ක් ලෙස සටහන් විය.
ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 158 ඉක්ම වූ පළමු අවස්ථාව මෙය වීම යහපාලන ආණ්ඩුවේ විශේෂ වාර්තාවකි.

ඇමෙරිකන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 154.39ක් ලෙස දැක්වෙයි.

පසුගිය මාස කිහිපය තුළදීම ඩොලරයක විකුණුම් මිල රුපියල් 155,15,157 අතර අගයන්හි පැවැතිණි.
දේශපාලන අර්බුදය, විදේශ ආයෝජන අඩු වීම, විදේශ විනිමය ලංකාවට ගලා නොඒම, ආනයනය වර්ධනය වීම යන හේතුන් මත මෙලෙස රුපියලට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලරයක මිල ඉහළ ගොස් තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon