හෝමාගම-අම්බලන්තොට-පරන්තන් හා දියගම කෘෂි පර්යේෂණායතන වහන්න හදනවා

  👤  4023 readers have read this article !
By mawbima 2018-05-17

රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක ආණ්ඩුව ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම ජනතාව කිසිසේත්ම අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පැවැසීය.

මෙතෙක් පත්වූ කිසිම ආණ්ඩුවක් පෙට්රල් සහ ඩීසල්වලට වඩා වැඩි මිලකින් භූමිතෙල් මිල වැඩි නොකළ බවත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙවැනි ක්‍රියාමාර්ග තුළින්ම තේරුම්ගත හැකි බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (16දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

මේ රටේ තරුණ දේශපාලනඥයකු වන දිලුම් අමුණුගම මන්ත්‍රිවරයාව ඊයේ දිනයේදී ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වුවා. ඊයේ උදේ ඉඳලා මධ්‍යම රාත්‍රිය වෙනකන් ඔහුගෙන් ප්‍රශ්න කළා. මහනුවර ඇති වූ සිද්ධියේදී මහජන නියෝජිතයකු වශයෙන් ඒ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත්වීම පමණයි දිලුම් අමුණුගම මහතා කළේ. ආණ්ඩුවට පාලනය කිරීමට නොහැකි වුණු, ආණ්ඩුවට කිසිම දෙයක් කරගත නොහැකි වෙලාවක ඊට මැදිහත් වෙලා මහජන නියෝජිතයන් කටයුතු කිරීම වැළැක්වීමට තමයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. මේ වගේ අවස්ථාවක විරුද්ධ මත පළ කිරීම තහනම් කරනවා කියන පණිවුඩය තමයි ආණ්ඩුව මේ කියන්න උත්සාහ කරන්නේ. මම හිතනවා මේ සිදුවීමේදී යම් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා නම් රවුෆ් හකීම් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරයි.

ඒ වගේම ඉතාම අසාධාරණ ආකාරයට ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමලා තිබෙනවා. අද ධීවර ජනතාව පාරෙ. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් සිදු කිරීමට නියමිතයි. ප්‍රවාහන ගාස්තු ඉහළ යනවා. හැබැයි ආණ්ඩුව මේවාට උත්තර දෙන්නේ නැහැ. ආණ්ඩුව කියන්නේ ගිය ආණ්ඩුවට වැඩිය මේ ආණ්ඩුව ලබාදුන් මිල අඩුයි කියලා. නමුත් ඒක ජනතාවට උත්තරයක් නෙවෙයි. අලුත් ජනවරමක් සමඟ මේ ආණ්ඩුවට බලය දුන්නේ ගිය ආණ්ඩුව සමඟ සන්සන්දනය කරමින් වැඩ කරන්න නෙවෙයි. අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමටයි. අපි ප්‍රාර්ථනා කරනවා එජාපයේ රූකඩ බවට පත්වෙලා සිටින ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ සභිකයන්ගේ කොන්දට පණ ලැබේවා කියලා රටට යහපත් තීරණයක් ගැනීමට. අපි බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනාව ඉදිරිපත් කරන තෙක්.
පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භාරකරු වන අධ්‍යක්ෂ ජනරාල් වීරකෝන් මහතා තම ධුරයේ වැඩ භාරගෙන තිබෙන්නේ 2018 මාර්තු 29 වැනි දින.

2018 අප්‍රේල් 10 අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පවත්වලා තිබෙනවා. එහිදී තීන්දු කරලා තිබෙනවා හෝමාගම පැළෑටි වයිරස් හඳුනාගැනීමේ පර්යේෂණ ආයතනය, අම්බලන්තොට සහ පරන්තන් වී පර්යේෂණ ආයතනය, දියගම මහින්ද රාජපක්ෂ පර්යේෂණ ආයතන යන සියල්ල වසා දැමීමට. කෘෂිකර්මය මූලික කරගත් මොන රටේද පර්යේෂණ ආයතන වසා දමන්නේ!

අපි අලුත් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් අහන්න කැමැතියි මොකක්ද එතුමා මේ පර්යේෂණ ආයතන වසා දැමීම සම්බන්ධයෙන් ගන්න ප්‍රතිපත්තිය කියලා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon