ශ්‍රී ලනිපයේ පිරිසක් ආණ්ඩුවට උදව් කිරීම ජාතික අපරාධයක්

  👤  4004 readers have read this article !
By mawbima 2018-05-17

ජාතික අපරාධයකට පාර කපමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් තවදුරටත් වත්මන් ආණ්ඩුව සමඟ එකට ගැටගසා තබාගැනීමට උත්සාහ කරන යම් කණ්ඩායමක් සිදුකරන්නේ ඒ අය දැන හෝ නොදැන බෙදුම්වාදීන්ගේ සහ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව සඳහා සහයෝගය දීමක් යැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාන්සා මහතා සිය කාර්යාලයේදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේද කීය.

අද වන විට ජාතික ආණ්ඩුව තවදුරටත් ඇදගෙන යන අයගේ අභිප්‍රාය වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් රට කොටස් කිරීමට උත්සාහ කරන බලවේගවලට උල්පන්දම් දීමක් සහ ශ්‍රී ලනිපය පොදුජන එක්සත් පෙරමුණ සමඟ එකතුවීම වළක්වා මීළඟ මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට පූර්ණ වාසි ලබාදීමේ වැඩපිළිවෙළක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස බණ්ඩාරනායක මහතා ඉතිහාසයට එක් වී ඇති ආකාරයටම එම පක්ෂය අවසන් ගමන් යැවූයේ කවුද යන්න අනාගතයේදී සාකච්ඡාවට බඳුන් වෙයි.

එදා මැදුම් පිළිවෙත අගය කරමින් දේශීයත්වයට මුල්තැන දෙමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංචමහා බලවේගය එක්තැන් කර නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

එහෙව් පක්ෂයක් තමයි ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදුකිරීමට අවශ්‍ය අණපනත් සම්මත කිරීමට කටයුතු කිරීමට අර අඳින්නේ. වර්තමානයේ යම් දවසක ඒ ගැන දේශපාලන ඉතිහාසයේ කළු අකුරින් ලියැවීම ඒකාන්තයෙන්ම නියතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී කරන ජනතා විරෝධී කටයුතු සඳහා මුහුණදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ප්‍රගතිශීලීන් ඉවත්ව ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් පක්ෂයක් ඇති කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට මුල් වූ සියලු දෙනාගේම නම් ශ්‍රී ලංකා දේශපාලන වංශ කතාවේ වීරයන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා.

සීදුවේ - නිශ්ශංක මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon