පහත බැස්ස වට්ටක්කා මිලෙන් ආබාධිත සෙබළුන් දුකට

  👤  3880 readers have read this article !
By mawbima 2018-05-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මේ වට්ටක්කා ගැන තවත් ශෝකජනක කතාවකි.

කිලෝවක් රුපියල් පහකටවත් විකුණා ගත නොහැකිව වට්ටක්කා මිලට ගැනීමට විවිධ ආයතන ඉදිරිපත් වුවත් යුද්ධයේදී ආබාධිතයන් බවට පත්වූ විශාල පිරිසක් සේවය කරන කිලිනොච්චියේ සිවිල් ආරක්‍ෂක ගොවිපළේ වට්ටක්කා අස්වැන්න ගැන කිසිවකුගේ අවධානය යොමුව නැත.
අතක්, පයක්, ඇසක් හෝ ශරීරයේ කිසියම් අංගයක් ඔවුනට අහිමිව ඇතත් ජීවන අරගලය ජය ගැනීම සඳහා ඔවුහුද රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී සිටිති.

නමුත් ඔවුන් දහදිය මහන්සිය කැපකොට නිපදවන ලද වට්ටක්කා ගෙඩි කොතරම් සුන්දර වුවත් වට්ටක්කාවලට ලැබෙන මිල ගණන් කිසිසේත්ම සුන්දර නැත.

කිලිනොච්චියේදී යුද ආබාධිතයන් විසින් මෙවර වගා කළ වට්ටක්කා තොග වෙනුවෙනුත් කාගේ හෝ හදවතේ බැල්ම යොමු විය යුතුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon