වවුනියාව - සූඩුවෙන්දපිලව් වැව අසල සත්තු මරන්න ඇද තිබූ විදුලි රැහැනක් පියාගේ හා පුතාගේ ජීවිතය උදුරා ගනී

  👤  3883 readers have read this article !
By mawbima 2018-05-17

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංග
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැව ආසන්නයේ වන සතුන්ට අටවා තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (16දා) උදෑසන හමු වූ බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පැවැසීය.

වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්. මුස්තාපා නමැති පියකුගේ හා වයස අවුරුදු 15ක් වූ එම්. සයාස් නමැති පුතුගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති බව පොලිසිය පැවැසීය.

සූඩුවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයකු විසින් වන සතුන් මැරීමට විදුලි රැහැන් ඇද තිබියදී ඒ පිළිබඳව නොදත් පියකු හා පුතකු එම ස්ථානයෙන් ඊයේ අලුයම ගමන් කරද්දී විදුලි රැහැන්වල පැටලී මේ මරණ සිදුව ඇති බවට පෙරියඋළුක්කුලම් පොලිසිය සැක පළ කරයි.

කෙසේ වෙතත් අදාළ විදුලි රැහැන් ඇද ඇති පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පෙරියඋළුක්කුලම් පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon