වැස්සට මතුවෙන දිය ඇල්ල

  👤  3945 readers have read this article !
By mawbima 2018-05-17

දෙමෝදර - ජයලත් දිසානායක

වසරේ වැසි කාලයට පමණක් දැකගත හැකි අපූරු දිය ඇල්ලක් බදුල්ල රිල්පොළ මැදගම ප්‍රදේශයේදී 'මව්බිම' කැමරාවේ සටහන් විය.
නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ වන මේ දිය ඇල්ල 'නිල්මිණි ඇල්ල' නමින් ජනතාව අතර ප්‍රචලිත වී තිබේ.

නමුණුකුල කඳුවැටියෙන් හට ගන්නා මේ දිය ඇල්ල කුඩා ඔය නමින් හඳුන්වන ගඟක් දිගේ ගලාවිත් බදුලු ඔයට එක්වෙයි. මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ දිය ඇල්ල දර්ශනය වීමට පටන් ගෙන තිබේ.

දිය ඇල්ල ආසන්නයට ළඟාවීමට දුෂ්කර වුවද එහි අලංකාරත්වය අෑත සිටම නැරැඹීමට හැකි පරිදි සොබාධර්මය විසින්ම සැකසී ඇති අයුරු ඉතා චමත්කාරජනකය.

දිය ඇල්ල දැකබලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ පැමිණිය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon