වැඩ වර්ජනයේ යෙදුණු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගෙන් පළි ගැනීමේ ක්‍රියාවලියක් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති අනාවරණය කරයි

  👤  3860 readers have read this article !
By mawbima 2018-05-17

හර්ෂනී අර්සකුලරත්න

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දියත් කළ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් පසුව වර්ජනයේ නියැළුණු වෘත්තීය සමිති නායකයන් ඇතුළු අනධ්‍යයන සේවකයන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලියක් ඇතැම් උසස් අධ්‍යාපන ආයතන ඇතුළත ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පවසයි.

ඒ අනුව රුහුණ විශ්වවිද්‍යාලයේත්, සබරගමු විශ්වවිද්‍යාලයේත් සිය සාමාජිකයන් කිහිප දෙනකු හට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවටද නැඟෙනහිර විශ්වවිද්‍යාලය එම සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ප්‍රමාද කර දුන් බවටද හෙතෙම චෝදනා නැඟීය.

වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි පළිගැනීම් දිගින් දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබඳ සිය කමිටුව දැඩි අවධානයෙන් පසුවන බවත් ඔහු පැවැසුවේය.

වර්ජනය නිමා වී උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු කටයුතු යථා තත්ත්වයට පත්වෙද්දී යළි ගැටලු ඇති වන ආකාරයට පාලනාධිකාරිය ක්‍රියාත්මක වීම කනගාටුවට කරුණක් බවද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon