හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය ඒකකයේ රැකියා ලබාදෙන බවට මා කිසිවකුට පොරොන්දු වී නෑ

  👤  3935 readers have read this article !
By mawbima 2018-05-17

මාලබේ - රාජිකා රණසිංහ

පසුගිය 2010 වසරේ ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය ඒකකයේ රැකියා ලබාදෙන බවට තමා හෝ තම පවුලේ අය කිසිවකුට පොරොන්දුවක් දී නොතිබූ බවත් එවකට ජනාධිපති ලේකම්වරයාගේ පාලනය යටතේ පැවැති එම මාධ්‍ය අංශය ක්‍රියා කළ ආකාරය තමා නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කඩුවෙල අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක ඊයේ (16දා) සාක්ෂි දෙමින් පැවැසීය.

පසුගිය 2010 මාර්තු 02 දින හෝ ඊට ආසන්න දිනයක එවකට හිටපු ජනාධිපතිවරයාගේ දෙමළ අංශයේ රැකියාව කරන බවට හඳුන්වාදෙමින් නාමල් රාජපක්ෂ මහතාගේ මාර්ගයෙන් රැකියාවක් ලබාදීමට හැකි බව පවසා ඒ සඳහා පුද්ගලයකුගෙන් රුපියල් හත්ලක්ෂ ‍ෙදාළොස් දහසක් ලබාගෙන පොරොන්දු පරිදි රැකියාව ලබා නොදී වංචා කරන ලද බවට කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසය මඟින් රාසික්ගේ පරීඩ් අස්රප් අලි නොහොත් අස්රප්ගේ අලි රාසික් පරීඩ් යන අයකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
කඩුවෙල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙදින සාක්ෂි විභාගය පැවැත්විණි.

එහිදී නීතිඥ ඩී.ජී.ජී. කරුණාරත්න හා නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාලවත්ත යන මහත්වරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්, නාමල් රාජපක්ෂ මහතා 2010 අප්‍රේල් 08 දින තමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත්වූ බවත් මන්ත්‍රිවරයෙක් වශයෙන් තමා භාරයේ මාධ්‍ය ඒකකයක් නොතිබූ අතර එවකට හිටපු ජනාධිපති ලේකම්වරයාගේ මාධ්‍ය ඒකකයක් ක්‍රියාත්මක වූ බවත් පැවැසීය.

එවකට සිංහල හා ද්‍රවිඩ අංශ වෙන් වෙන්ව කටයුතු නොකළ අතර පොදුවේ එකම මාධ්‍යවේදීන් පිරිසක් එම මාධ්‍ය අංශයේ සේවය කළ බව පැවැසූ නාමල් රාජපක්ෂ මහතා එම ඒකකයේ ක්‍රියාකාරිත්වය තමා නොදන්නා බවත් ප්‍රකාශ කළේය.

වැඩිදුර විභාගය මැයි මස 30 වැනි දිනට කල් තැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon