පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තා නෑ

  👤  3838 readers have read this article !
By mawbima 2018-05-17

හාලිඇළ - පියල් කිත්සිරි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්සවා බැන තර්ජනය කිරීමේ චෝදනාව මත උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (16දා) යළි කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවට පොලිසිය මඟින් කරන ලද දැනුම් දීමට අනුව වෛද්‍ය වාර්තා සඳහා නොතීසි නිකුත් කළ බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීය.

පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමා නිල නිවෙසට කැඳවා දණගස්සවා බැන තර්ජනය කළ බවට බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි
ආර්. භවානි මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් මෙම නඩුව පවරා තිබේ.

නඩුව ඊයේ (16දා) යළි කැඳවූ අවස්ථාවේ බදුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් සරණපාල (8782) මහතා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේ පැමිණිලිකාරියගේ මානසික වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. චූදිත ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද පැමිණිලිකාර විදුහල්පතිනියද අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ සුජීව ජයසිංහ මහතා සමඟ නීතිඥ හේමින්ද දයාවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon