නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියාට දඩ

  👤  3930 readers have read this article !
By mawbima 2018-05-17

කටුනායක - ගයා තිරිමාදුර

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියකු ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි සිට පැමිණි එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත (ට්පඥඥද ඛ්ඩචදඥත) ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඩුබායි

නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 16,000ක් අඩංගු දුම්වැටි කාටූන් 80ක් සඟවාගෙන තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 08ක් බව රේගුව ප්‍රකාශ කරයි.

සහකාර රේගු අධිකාරිවරුන් වන ජී.එච්.ජී.එල්. චන්ද්‍රසිරි සහ ඒ.ඒ.සී.ටී.කේ. ගුණතිලක යන මහත්වරුන් වැටලීම කර තිබිණි. කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම් ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එස්.පී. කිරිවත්තුඩුව මහතා මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්‍ෂණ පැවැත්වූ අතර දුම්වැටි තොගය රාජසන්තක කර රැගෙන ආ පුද්ගලයාට රුපියල් 1,50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon