ඡන්ද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් සීමා කිරීමට සකස් කළ කෙටුම්පත තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නෑ

  👤  3870 readers have read this article !
By mawbima 2018-05-17

නුවන් හෙට්ටිආරච්චි

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සාපේක්ෂව අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම් සීමා කිරීමට සකස් කළ කෙටුම්පත මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

යහපත් දේශපාලනයක් ඇති කිරීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම තුළින් රටේ යහපත් දේශපාලනයක් ඇති නොවන බවත් ඊට අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදම්ද සීමා විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

පළාත් පාලන ඡන්දයකදී එක් කොට්ඨාසයකට තරග කරන අපේක්ෂකයකු කෝටි ගණනක් වියදම් කිරීම මෙම කෙටුම්පත සකස් කිරීමට හේතුව බවත් හෙතෙම සඳහන් කරයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාවේ සහයෝගය හා දේශපාලන පක්ෂවල බුද්ධිමත් දේශපාලකයන්ගේ අදහස් ගනිමින් සකස් කළ මේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉදිරිපත් කළ බව පැවැසුවද එය මෙතෙක් කැබිනට් මණ්ඩලයට ලබාදී නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

පළාත් පාලන හා පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍යවරයාට, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාටද මෙම කෙටුම්පත ලබාදී ඇති අතර ඔවුන් කිසිවකු මේ පිළිබඳ ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු පවසයි.

කෙසේ වුවද මෙම පනත ක්‍රියාත්මක නොකර ඉදිරි මැතිවරණය සූදානම් කරන්නේ නම් ඒ පිළිබඳ වගකිවයුත්තේ මෙම විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon