ආගමන විගමන අද අකුරට වැඩ

  👤  3861 readers have read this article !
By mawbima 2018-05-17

රුවිනි ගුරුගේ, කොට්ටාව - එච්. චාමින්දි

දශක දෙකකට අධික කාලයක් පුරා නොවිසඳී පවතින ආගමන විගමන සේවාවේ ගැටලු විස¼දා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අද (17දා) දහවල් 12.00ට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එම සංගමයේ ලේකම් කේ.ඒ.ඒ.එස්. කනුගල මහතා පැවැසීය.

ඒ අනුව අද (17දා) දහවල් 12.00 සිට 1 දක්වා කටුනායක, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන නිහඬ විරෝධතාවක නිරත වන බවත් මෙම සංකේත විරෝධතාවට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් අද මධ්‍යම රාත්‍රි 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට තම සංගමය අනුගත වන බවත් ඒ මහතා පැවැසීය.

ආගමන විගමන සේවාව සඳහා වන සේවා ව්‍යවස්ථාව ස්ථාපනය කිරීම, විදේශ දූත මණ්ඩලවලට ආගමන විගමන නිලධාරීන් අනුයුක්ත කිරීම, දෙපාර්තමේන්තු නඩු පැවැරුම් අංශය නැවත ක්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් තුන මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළේ ඉකුත් දෙසැම්බරයේ සිටය.

රටේ කීර්තිනාමය ආරක්ෂා කරගනිමින් දෙස් - විදෙස් ගුවන් මගීන් කිසිදු පීඩාවකට ලක් නොවන අයුරින් තම ඉල්ලීම් දිනා ගැනීමට මෙතෙක් වෑයම් කළත් ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු නොවූ නිසා මේ ක්‍රියාමාර්ගය ගත් බවත් ඒ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon