යාපනයේ යමුනා ළිඳ තුළ මළ සිරුරක්

  👤  4043 readers have read this article !
By mawbima 2018-05-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ නල්ලූර් කෝවිල ආසන්නයේ පිහිටි යමුනා ළිඳ තුළ තිබී මළ සිරුරක් යාපනය පොලිසිය විසින් පෙරේදා (19දා) සොයාගෙන තිබේ.

මුලින්ම මේ මළ සිරුර දැක ඇත්තේ ඒ අසලින් ගමන් කිරීමට පැමිණි කාන්තාවකි.
ඇය මේ බව පාරේ ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියකුට පැවැසීමෙන් පසුව ඔහු මැදිහත් වී මේ තොරතුරු පළාතේ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත.

ග්‍රාම නිලධාරිවරයා මියගිය පුද්ගලයාව හඳුනාගෙන ඇති අතර ඔහු යාපනය නල්ලූර් චෙම්මනි පාරේ පදිංචි 66 හැවිරිදි පී. නල්ලාඅයියා බව සොයාගෙන තිබේ. මළ සිරුර යාපනය පොලිසිය හරහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාරදී ඇත.

මියගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇති අන්දම මෙතෙක් අනාවරණය වී නොමැත.
යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon