තම දේශපාලන ගැත්තන්ට පත්වීම් දෙන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරනවා

  👤  4099 readers have read this article !
By mawbima 2018-05-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

දේශපාලන පළිගැනීම් මුවාවෙන් අධිකරණ නියෝගයක් පනවා තිබියදී එයද නොසලකා හරිමින් අධ්‍යාපන පරිපාලන තනතුරු ඇතුළු පත්වීම් 1085ක් සඳහා තම ගැත්තන් පත්කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන මේ වනවිට එම පත්වීම් ලබාදීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලේ ශ්‍රවණාගාරයේ පැවැති එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනය අමතමින්ය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

අපි මේ ක්‍රියාවට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. දේශපාලන පළිගැනීම් කියලා එක පාරක් ඒ අයට වැටුප් වර්ධක ලබා දුන්නා. දැන් ආයෙත් මේ මොනවද දෙන්න හදන්නේ. පාසලේ තාප්පය කඩලා තිබුණා නම් ඒකත් උසස්වීමක්. එදා ලංකා ගුරු සංගමය නඩු කියලා තමා විභාගය සමත්වූ ගුරුවරු 4,600කට විදුහල්පති පත්වීම් ලබා ගත්තේ.

මුළුමහත් රාජ්‍ය සේවයම බිඳ වැටිලා. අධ්‍යාපනය දරුණු ඛේදවාචකයට ලක් වෙලා. දේශපාලන පළිගැනීම් කියලා පරිපාලන පත්වීම් 285ක් හා විදුහල්පති තනතුරු පත්වීම් 800ක් සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා. කොළ ගොඩටයි විභාග ලකුණුවලටයි හිර කරලා ගුරුවරයා පීඩාවට පත් කරලා. අධ්‍යාපනය කියන්නේ විභාග ලකුණු විතරද?

අද වන විට අධ්‍යාපනය තරගයක් ඇති කරලා. දැන් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා රාජ්‍ය අනුග්‍රහය යටතේ පෞද්ගලික පාසල් කීපයක් ඇති කිරීමට. මේ හදන්නේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට පත් කරලා නිදහස් අධ්‍යාපනයෙන් රජය අෑත් වී සිටීමටයි. මෙය කෙසේ හෝ පරාජය කළ යුතුයි.

සම්මේලනයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය. උතුරු මැද පළාතේ අධ්‍යාපනය මේ වන විට මුළුමනින්ම කඩා වැටිලා. හොරකම දූෂණය රජ වෙලා. ගුරුවරුන්ගේ පුහුණු සැසිවලින් මිලියන ගණන් හොරකම් කරලා. නිලධාරීන් එක්ව කරන මේ දූෂණ පිළිබඳව විගණන වාර්තාවල දැක්වෙනවා. අපි මේ ගැන පැමිණිලි කරලා තියෙනවා.

විදුහල්පති ස්ථාන මාරු සිදුකරන්නේ නිලධාරීන්ගේ හිතවත්කම් මත පමණයි. අද වන විට උතුරු මැද පාසල්වල උසස් පෙළ සිසුන් පාසල්වලට ඇතුළු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. කොමිස් ලබා ගැනීම අරමුණු කරගෙන ආරම්භ කළ ඉදිකිරීම් සියල්ල මේ වන විට නැවතිලා.

ළමයින්ට ඉන්න තැනක් නැහැ. උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන්නේ
පක්ෂග්‍රාහීවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon