නවක වදයට මුවා වී යාපනය සරසවියේ ජේ‍යෂ්ඨයෙකු පළමු වසර සිසුවකුට පහර දීලා

  👤  4182 readers have read this article !
By mawbima 2018-05-21

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිටි නවක සිසුවකුට කලා අංශයේ සිවු වැනි වසරේ සිසුවකු විසින් පෙරේදා (19දා) රාත්‍රියේ කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ නවක සිසුවා යාපනය මහ රෝහලට ඇතුළත් කොට ඇති බවට යාපනය පොලිසිය කියා සිටියේය. යාපනය සරසවියේ පූබාලසිංහම් නේවාසිකාගාරයේදී බදුල්ල ඔක්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචි ටිලේස්වරන් කුගනේස්වරන් නමැති නවක සිසුවාට නවකවදය ලබාදෙන මුවාවෙන් මේ පහරදීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත.

නවක සිසුවා වතු ආශ්‍රිතව ජීවත්වන නිසාවෙන් සිවු වැනි වසරේ සිසුවා නවක වදය ලබාදෙන මුවාවෙන් මුදල් ඉල්ලා ඇති අතර එහිදී මුදල් ලබා නොදීම නිසාවෙන් මේ පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පහරදීම සිදුකළ සිසුවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට යාපනය පොලිසිය විසින් පියවර ගෙන ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon