උණ ගතිය ඇත්නම් දරුවන් පාසල් එවන්න එපා

  👤  4158 readers have read this article !
By mawbima 2018-05-21

ඉමදුව - ටී. විතානවසම්

දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්‍රතික්ශ්‍යා, කැස්ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඉල්ලා සිටී. ඊයේ (20දා) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට අවශ්‍ය නම් සෞඛ්‍ය බලධාරීන් හා සාකච්ඡා කර අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. දැනට එහෙම තීරණයක් අරගෙන නෑ. ඒ නිසා මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉහත රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පාසල් නොයවන ලෙස. එයින් අපිට මෙය පැතිරීම වළක්වා ගත හැකියි.

එහෙම ළමයෙක් ආවොතින් නැවත මවුපියන් කැඳවා එම දරුවා නිවෙසට යවන ලෙසද මම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේකේ අවදානම් තත්ත්වයක් තියේ නම් සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon