ක්‍රිකට් නිලවරණ කම්ටුව පත් කරයි 31 වැනිදා මහ සභා රැස්වීමේදී ව්‍යවස්ථාවට තවත් සංශෝධන

  👤  4101 readers have read this article !
By mawbima 2018-05-21

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක් පසුගියදා (19දා) පැවැති අතර එහිදී පස් දෙනකුගෙන් යුත් නිලවරණ කමිටුවක් තෝරා පත් කරගෙන ඇත. ඒ අනුව රසික වයි. වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්. ඩී. ජූඩ් පෙරේරා සහ දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නව නිලවරණ කමිටුව ලෙසින් තේරී පත්විය.

මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පිළිබද විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධව සිය සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ විශේෂ මහ සභා රැස්වීමේදී පත්කරගන්නා ලද නිලවරණ කමිටුව ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට එක් කළ බවත් ඒ අනුව එම නව නිලවරණ කමිටුව ව්‍යවස්ථානුකූල බවත්ය.

තවද මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දුන් සුමතිපාල මහතා "මම දැනටමත් නාම යෝජනා භාරදීල තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රීඩා සමාජ 84න් 64ක් මේ වන විටත් මගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ධුරයට යෝජනා කරල අවසානයි. අනෙකුත් ක්‍රීඩා සමාජත් මේ වනතුරුත් විරුද්ධත්වයක් ප්‍රකාශ කරල නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මෙම නිලවරණයේදී අපි ඉදිරිපත් කරන ලද කණ්ඩායමම නිතරගයෙන්ම පත් වේවි කියල" යනුවෙන් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඊට අදාළව පත් කර තිබූ නිලවරණ කමිටුව නීති විරෝධී බවට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගැනීමට යෑම හේතුවෙන් එම නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මින් පෙර පියවර ගෙන තිබිණි. ඒ අනුව නිලවරණ කමිටුව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තු නිර්දේශ ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත් අතර එහිදී ලබා දුන් නීතිපති දෙපාර්තමේන්තු නිර්දේශවල ස¼දහන් වූයේ ක්‍රීඩා පනත හා සංශෝධිත රෙගුලාසි අනුව නිලවරණ කමිටුව පත් කිරීමට මහා සභා රැස්වීමක් කැ¼දවිය යුතු බවත් එහිදී පත් කර ගන්නා නිලවරණ කමිටුවක් මඟිින් නිලවරණය මෙහෙයවිය යුතු බවත්ය.

කෙසේ වෙතත් ක්‍රීඩා පනතේ නව රෙගුලාසි වලට අනුගත වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට නව සංශෝධන ඇතුළත් කිරීමට 31දා පැවැත්වෙන මහ සභා රැස්වීමේදී වත්මන් විධායක කමිටුව සැලැසුම් කර ඇතැයි දැනගන්නට ඇත. එසේ සංශෝධන ඇතුළත් නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්මත වුවහොත් ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ක්‍රිකට් ආයතන නිලවරණයද පැවැත්වෙන්නේ වසර 4කට වරක්ය. ඒ අනුව මීළඟ ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන්නේ 2022 වසරේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon