රුසියාවට යන මෙසීට හා රොනාල්ඩෝට අයිසිස් තර්ජන

  👤  4012 readers have read this article !
By mawbima 2018-05-21

තනි ක්‍රීඩා ඉසව්වක් වෙනුවෙන් ලොව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා මංගලය ලෙස සැලකෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ආරම්භ වීමට තවත් දින 24ක් ඉතිරිව තිබියදී ලෝකප්‍රකට ආජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී හා පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ යන ක්‍රීඩකයන් දෙදෙනාගේ හිස ගසා දමන බවට අයි.එස්.අයි.එස්.(ධ්ඉධ්ඉ) ත්‍රස්තවාදීන් තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ටෙලිග්‍රෑම් ඔස්සේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රචාරය කරන ලද මෙම පණිවුඩයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රේක්ෂකයන් පිරුණු ක්‍රීඩාංගණයක මෙසීගේ සහ රොනාල්ඩෝ ගේ හිස ගසා දමන අයුරු සංස්කරණය කරන ලද ඡයාරූපයකින් දිස්වෙන අතර 'ඔබේ රුධිරයෙන් ක්‍රීඩාංගණය පිරී යයි' යනුවෙන් එහි සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදීද පාපන්දු ලෝක කුසලානයට ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අඟවමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු ලයනල් මෙසීගේ ඡායාරූප යොදාගෙන මෙවැනි ඡායාරූප පෙළක් නිකුත් කළහ. සිරියාවේ අයි.එස්.අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සිදුකරන යුද මෙහෙයුම් වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් දක්වන සහයෝගය ප්‍රධාන වශයෙන් මෙම තර්ජනයන්ට හේතු පාදක වී ඇති අතර 'මුස්ලිම්වරුන් ඝාතනයට වන්දි ගෙවීමට සූදානම්ව සිටින්නැයි' අයි.එස්.අයි.එස්. සටන්කාමීන් මෙවර පාපන්දු ලෝක කුසලානයට සත්කාරය සපයන රුසියාවේ ජනපති වෙත අනතුරු අඟවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon