ජාතික හොකී සංගමයේ නිලවරණය පවත්වන්න ක්‍රීඩා ඇමැතිගෙන් නියෝග

  👤  4174 readers have read this article !
By mawbima 2018-05-21

2015 වසරේ සිට කල්දමමින් සිටි ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා ක්‍රීඩා පනතේ 39-(1) වගන්තිය ප්‍රකාරව අවශ්‍ය නියෝග ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගියදා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන් තිදෙනකු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් මඟින් ජාතික හොකී සම්මේලන නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මඟින් අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා නියෝග කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

ජාතික හොකී සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් වසර 3කට ආසන්න කාලයක් මෙරට හොකී සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අඩපණව පැවැති අතර එවක සිටි ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත්කර තිබිණි. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් අනුව නිලවරණ කමිටුව පත් කිරීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් නිලවරණය පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon