කෝලිගේ RCB පිලත් තරගාවලියෙන් ඉවතට

  👤  3986 readers have read this article !
By mawbima 2018-05-21

අයි.පී.එල්. තරගාවලියේ පෙරේදා (19දා) පැවැති තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් හිමි කරගත් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ තුන්වැනි කණ්ඩායම බවට පත් වූ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 30ක පරාජයක් අත්විඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (අඛ්ඕ) කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය. හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ පැවැති සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 172ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය කල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවීගොස් එම තරගය ජයලැබීය.

රෝයල් චැලෙන්ජර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ජායිපූර්හි ස්වායි මන්සිං ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 164ක් ලබා ගත්තේය. එහිදී රාජස්ථාන් කණ්ඩායමේ රාහුල් ත්‍රීපති පන්දු 58කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පන්දුවාර 19කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon